නොහඩන් චුටි කිරිල්ලියේ
කූඩුවක සිරවී දිවි ගෙවුවද
නුබේ මනරම් පියාපත් නුබට අවැසි නොවුවද
කඩා බිඳ දමන්නට එපා
අගුලු කැඩෙන විට විහිදන්නට
ලොව වටා පියඹා යන්නට
නුබට රිසි සේ වළාවන් මත දිවි ගෙවනට
නුබේ මනරම් බව විදහන්නට
රැක ගන්න නුබේ සියුමැලි පියාපත්
