Monday, December 24, 2018

නුඹ සමගම


අපගේ ගමන් මග වෙනස් වුවද
මාගෙ හද නුඹ සමගම ගමනේ යෙදේවි සොදුර




නුඹේ සම වැරහැලි වු කල ඇසුවද
මාගේ පිළිතුර එයම වේවි.


Friday, November 30, 2018

ජිවන සුසුම්


නුඹේ රුව සොයන මගේ් දෑස්,
නුඹේ ස්පර්ශය සොයන මාගෙ දෑත්,
නුඹට පමනක් හිමි මාගේ අාදර වදන්,

තව අයෙකුට කිසිදා හිමි නොවේවි.

අහිමි වීම තුළ වූ එ් ආදරය මා හැඳින්නෙමි
එ් තුළ මාගේ ජිවන සුසුම් සගවන්නෙමි




දස මසක් කුස තුළ දැරූ මවට නුඹ අයිතියි නම්,
මෙතුවක් කල් හද තුළ දරන මටද නුඹ අයිතියි සොඳුරිය.





Monday, May 21, 2018

සයුර


මා දුටු රැව නුඹත් දුටුවාද?
මා පැතූ පැතුම් නුඹත් පැතුවාද?




නුඹේ ඝෝෂාව තුළ මා එහි පිළිතුර දුටිමි.


Friday, March 23, 2018

මගේ සුසුම


නුබේ පියාපත් විහිදා සැරිසරන්නට 
නුබ පැතූ දිවිය හමුවුවා යැයි මට දැනේ,

පියඹන්න නුබට රිසි සේ
රැස්කරන්න හැකි තරම් මිහිරි මතකයන්

මා බලා සිටින්නෙමි නුබේ සතුට දෙස ප්‍රේමයෙන්




නුබ මාගේ සොදුරු මතකය සේම
මාගේ නොබිදුනු පෙමයි.



මගේ සුසුම තුළ රැඳුණු අාදරණීය
-ල-