නුඹේ ආදරනීය වදන් තුල මා නව ජිවනයක් ලබන්නෙමි,
මා වෙනුවෙන් මේ ගැහැනිය සිටිනවා යැයි දැනීම පිරිමියෙකුට වචනයෙන් කිව නොහැකි තරම් ශක්තියකි,
මාගේ ශක්තියත් නුඹයි,
මේ ගත වෙන්නෙ මා ජිවිතයේ කටුක අවදියකි,
මාගේ කදුලු පිස දැමිමට නුඹද මා ළඟ නැත,
නුඹ නැති විට මා උමතු වුවකු මෙන් හැසිරෙන්නෙමි,
එය හුදෙක් නුඹ මා ප්‍රෙම කරන තැනැත්තිය ලෙස පමනක් නොසිතා මාගේ ගැහැනිය ලෙස සිතනා හෙයිනි,
නුඹ මාගේම කොටසක් ලෙස ඇලි ගිය හෙයිනි,
මාගේ ජිවන හුස්ම මා අත හැර යන්නා සේ දැනේ.

No comments:
Post a Comment