Saturday, November 14, 2015

වරම

පෙම් කරන්නට නුසුදුස්සෙකි මා
එනමුදු නුඹ වටා මා ආලයෙන් වෙලුනෙමි 
මා සමග දිවි ගෙවනට සිතු විට
මා රාක්ෂයකු සේ පෙනුනාද සොදුරිය
මගේ හදට මෙතරම් වේදනාවක් 
මියෙන්නට වරම් දෙනු මැන ස්වාමිනි.


වරම් ලැබෙන තෙක් 
මේ රාක්‍ෂයාට හැකිතාක් නුඹට පෙම් කරන්නට ඉටා ගතිමි.


සිටින්න මා හා හැකි තරම් කලක් 
තබා යන්න හැකි තරම් සොදුරැ මතකයන්.


ස්වාමිනි මට දෙන්න තවත් එක් දිවියක් මැය සමග අදරෙන් දිවි ගෙවනට
මේ සියල්ලෙන් අෑත්ව 
අප දෙදෙනාට පමණක් අයිති ඡිවිතයක්.


මා අත්හරින්නම් සදාකාලික ඡිවනය.


Monday, September 21, 2015

උන්මත්තකයා

එදා මේ උන්මත්තකයාගේ ප්‍රේමය නුබට සතුට ගෙන දුනි,




එනමුදු දැන් නුබට පෙනෙන්නේ මගේ උමතු බව පමණද?


වරදකරු

ගැහැනුන් දහසකින් තම ආශාවන් සපුරාගන්නන් බහුල අවදියක,




එක් ගැහැනියකගෙන් සියල්ල බලපොරොත්තු වන පිරිමියා වරදකරුවෙක්ද?


ගණ වලාවන්

ගණ වලාවන් මා වටා රොක්වන විට,

මා වටකර සිටි කපුටන් මා හැර පලා ගියේ,හැරී වත් නොබලාය.




ඉතිරිව සිටින්නවුන් ?

කාලයා පිළිතුරු දෙවි.


Sunday, August 30, 2015

අහස තරම්

නුබ අහස්කුස දෙස බලමින් එහි සිරි නරඹන්නීය,
මා නුබ දෙස බලා සිටියෙමි,




අහස දිහා බලන්න කොතරම් ලස්සන දැයි ඇය ඇවිටිලි කරන්නීය.
නුබ අහස තරම්ම ලස්සනයි සොදුරිය යැයි මා පැවසුවෙමි.

Thursday, July 16, 2015

ප්‍රියාදරිය සමග දිනක්

මගේ ප්‍රියාදරියත් සමග
සුන්දර නිම්නයක දිනක්
බලා සිටින්නෙමි ඒ සුන්දර දින එනතුරු,




මගේ දෑත් වල වෙලී එන්න මා සමග,
නුබේ දෑස් වල ඇති සුන්දරත්වය විදිමින් මා එන්නෙමි.



Tuesday, June 30, 2015

තුරුලු කරගන්නට ඇත්නම්

නුබේ සියුමැලි බවේ පහස විදින්නට,

නුබේ හද ගැස්මේ රිද්මය අසන්නට,

නුබ මා තුල සගවා ගන්නට,




මා දෑත් වලින් නුබ තුරුලු කරගන්නට ඇත්නම්.


Wednesday, June 24, 2015

ප්‍රතිබිම්බය

මා පිටින් පෙන්වන පුද්ගලයා මා විසින් නිමවන ලද ප්‍රතිබිම්බයක් පමණි.

ජිවිතයේ එක් අයෙකු සමග හෝ මා ,මා ලෙස සිටීමට බලපොරොත්තුවෙන් සිටියෙමි ,
නමුත් ඇයද මාගේ ඇතුලාන්තය දෙස බලනුයේ පිළිකුලෙන් යැයි මට සිතේ,

කිසිවෙකුත් මාගේ ඇතුලාන්තයට ප්‍රිය නැත,




යන්නෙමි නැවතත් ඒ ව්‍යාජ වූ ජීවනයට.


Tuesday, June 9, 2015

Ur presence

It wasn't a special day,

we didn't do anything special,

we didn't spend money to make it special,




But Ur presence made it Magical.

With U, all my days will be Magical.


Saturday, June 6, 2015

නුබේ දෑස්

මා මන්මත් කරවන නුබේ දෑස්




නොබලා සිටින්නේ කෙසේදැයි පවසන්න සොදුරිය.


මොහොතක්

මොහොතක් ලොවම නිහඩ විය,




ආත්මීය ආලයෙන් වෙලී ගියෙමි.


Monday, May 18, 2015

- ල -

මා දෙතොල් වල තැවරුන මිහිරි ප්‍රේමය,




- ල -


දෙව්දුව

මා දිවියට ආ,

දෙව්දුවකි නුබ මට,

නුබ හැර මා කොයි යම්ද?




එනමුදු නුබ පෙම් බැන්දේ,

අසම්පුර්ණ මනුෂ්‍යයෙකුටයි.


Saturday, May 16, 2015

මහා වෘක්ෂය

මහා වෘක්ෂයක් මෙන් නුබට සෙවන,සිසිලස දෙමින් ආලය කලෙමි,

නුබේ විඩාව නිවන තෝතැන්නක් වන්නට වෙර දැරුවෙමි.

එනමුදු මාගේ රළු මුල් නුබට වේදනාවකි.




නුබට වේදනා දෙන මුල් කැපීමට කාලයයි.


Saturday, May 2, 2015

ආකාසය

ආකාසය 

ඇතමෙකුට ජීවනයේ ආරම්භයද,
ඇතමෙකුට ජීවනයේ අවසානයද වේ.




මාගේ ආකාසය නිෂ්චලය.



Saturday, April 25, 2015

මා හද

නුබ නොදැක සිටිම.....
එම සිතිවිල්ල පවා ඊතල දහසක් මා හද පසාරු කරමින් යන්නක් සේ දැනේ.


මා හද තුල ඇති කුණාටුව නුබට නොපෙන්වීමට මා වෙර දරන්නෙමි,
එනමුදු, යම් අවස්ථාවන් වලදී අසමත් වන්නෙමි.




මෙය ආදරයෙහි අවිනිශ්චිතතාවක් නොව,
ආදරයෙහි වෙලී යාමකි.



Monday, February 23, 2015

කාන්තාරය

මේ කාන්තාරයේ මා තනිව ගමනේ යෙදෙන්නෙමි,

මා හට අයිතිව ඇත්තේ මා ඇගලා ඇති වස්ත්‍රයත්,පාදයෙහි ඇති සෙරෙප්පු කුට්ටමත් පමණි.

ජීවනයේ රශ්මිය විදිමින් දිය කඩක් හෝ ඉදිරියේ හමු වේවි යන සිහින් බලපොරොත්තුව ඇතිව ගමන් කරන්නෙමි,

ඉදහිට මිරිගුවකට රැවටෙන්නෙමි,
බලාපොරොත්තු විරහිත වන්නෙමි,

රාත්‍රිය එළබේ,
මගේ පිවිතුරු සඳ මා අස්වසමින් මා ගතත් සිතත් කුල්මත් කරවයි,
 මා ඇගේ ඇකයේ පහස ලබමින් ගමනේ විඩාව සන්සිදුවා ගනිමි,
මගේ නෙත් වලින් වටෙන කදුළු පිසදමමින් ඈ මා නැවතත් ගමනට සුදානම් කරයි .




යළි ගමනේ යෙදෙන්නෙමි.


Friday, February 13, 2015

ඒව

මා හද බැදි ආදරනීය චුටි.
මා නුඹ වෙනුවෙන්,නුඹ මා වෙනුවෙන් 
ලෙස අප, අප තුළම තනි වුනෙමු.


මෙතරම් සුවිසල්,මනරම් ලෝකයක,
නුඹ සිටිනා තැන මාගේ ඒදන් උයන විය,
නුඹ පමණක් මා හට මනරම් විය.



මාගේ ඉළ ඇටයෙන් ආ මගේ ඒව. 


Sunday, February 8, 2015

ආශාවන්

මේ ගත වු කාලය තුල ලැබු අත්දැකිම් සමග
 මා ජිවිතයේ බොහො ආශාවන් වලින් ඇත් විමී,

ජිවිතයේ සියුම් දැ තුලින් සතුටු වුනෙමි.




තවද අතහැරිමට ඇත්තේ ජිවිතයට ඇති ආශාව පමණි.


Saturday, February 7, 2015

චුටි

නුඹේ ආදරනීය වදන් තුල මා නව ජිවනයක් ලබන්නෙමි,

මා වෙනුවෙන් මේ ගැහැනිය සිටිනවා යැයි දැනීම පිරිමියෙකුට වචනයෙන් කිව නොහැකි තරම් ශක්තියකි,

මාගේ ශක්තියත් නුඹයි,
මේ ගත වෙන්නෙ මා ජිවිතයේ කටුක අවදියකි,

මාගේ කදුලු පිස දැමිමට නුඹද මා ළඟ නැත,
නුඹ නැති විට මා උමතු වුවකු මෙන් හැසිරෙන්නෙමි,

එය හුදෙක් නුඹ මා ප්‍රෙම කරන තැනැත්තිය ලෙස පමනක් නොසිතා මාගේ ගැහැනිය ලෙස සිතනා හෙයිනි,
නුඹ මාගේම කොටසක් ලෙස ඇලි ගිය හෙයිනි,




මාගේ ජිවන හුස්ම මා අත හැර යන්නා සේ දැනේ.




Wednesday, February 4, 2015

නිහඩ වු මා

නිහඩවු මා සිත තුල විශ්වයම ඇති බව කිසිවෙකුත් නොදනි.




විනාශය

මා විනාශය තුලද අලංකාරත්වය දුටුවෙමි.
එය අපුරු අත්දැකීමකි,
මෙතරම් ගාම්භීර වු මිනිස් සංහතිය විශ්වයෙන් අතුරුදන් විමට එක් නිමේශයක් ප්‍රමාණවත්ය.
එනමුදු මනුෂ්‍යයා මේ සියුම් සත්‍ය වටහා නොගෙන මමත්වයෙන් ලොවම තමා සතු කරගැනීමට වෙර දැරීම කෙතරම් හාස්‍ය උපදවන්නක්ද,





මනුෂ්‍ය වර්ගයා හට අනාගතයක් නොමැති නම් අප එයද ආදරයෙන් වැළද ගත යුතු නොවෙද?



Friday, January 30, 2015

Oh Lord

Everything i kept at bay for the past week is coming back to me,
my head is hurting, cant bear this.
too much to worry ,too much to think.

I am weak ,but I know i have to keep my head high,
Can't let anyone see me like this.
Oh Lord give me strength.

Sunday, January 25, 2015

නුඹ

නුඹ මෙතරම් සියුමැලි දැයි විමතියෙන් මා නුඹ දෙස බලන්නෙමි,
කෙතරම් ගැබුරට යා යුතුද මේ සියුමැලි හදවත දැකීමට,


මා නුබේ මේ මෘදු හදවතට තවත් ලන් වුනෙම්.



Saturday, January 24, 2015

සිතුවිලි

සිතුවිලි නම් මහා ගංගාවේ අප දිනපතා කෙතරම් කිමිදුනද,




එතුළින් අප සිත් තුලට නව ජීවයක් නොගන්නේ නම් එයින් ඇති එල කිමද?



Friday, January 23, 2015

යථාර්ථය

යථාර්ථය සත්‍යය යැයි කීම නිවැරදිද?




මෙය අප විසින්ම නිමවන ලද සිහිනයක් නොවේද?



Thursday, January 22, 2015

යක්ෂයා.

ගුප්තයි,
අදුරුයි,
බියකරුයි,
ඔහුගේ සිනහව ඔබ රැවටිමටයි ,
ඔහුගේ වචන ඔබ සතු දේ සොරා ගන්නටයි,
ඔහුගේ කදුළු ඔබ දිවි පුරා සිරගත කිරීමටයි,

ඔහු මෙලොවට පැමිණියේ තම ආශාවන් සන්සිදුවාලිමට මිස වෙනෙකෙකු සතුටු කරවීමට නොවේ.


ප්‍රවේසම්වන්න!

මම යක්ෂයා වෙමි. 


Not worth a penny.

When I saw that u meant it.
When I saw u were trying to see far away from me.

I lost the respect for my self,
I am so embarrased,
I can't look at my face in the mirror,
I wish I could leave my body,
I feel disgusting ,
I am broken.

I newer thought I treated u like that, did i really?

I wont be able to see my self again in the same way.

I believed I am worth something, but now I realize I'm not worth a penny.

Saturday, January 17, 2015

සාගරය

සාගරයක් වූ මේ ජිවිතේ මා එක් රළ පහරක් පමණි.




එහි සුන්දරත්වය සහ පහස ලබන්නේද කිහිපදෙනෙකි.



Thursday, January 15, 2015

Uncertainty in Love!

I would rather be alone,than being in an uncertain relationship,My angel worry's about not being able to spend time with me,i worry too,i need u to be with me too,and i wish at this difficult moment i had the chance to stay with you n wrap my arms around you n say everything will be alright.

Some people stay in uncertain relationships,and think of how am i going to keep him/her with me,trying to impress they're partner,in that process spending there money,time and energy more than they can and draining themselves.

But i'd be in this pain rather than being in a uncertain relationship,there are many sad things in this life,remember these when u feel down,when u feel sad.


So my angel Be happy & be strong,
we have something special,something beautiful,something priceless,
We are just biding our time.



Tuesday, January 13, 2015

Crazy n stupid love

U and me!

We love,
We fight,
We argue,
We smile,
We cry,
Yet we manage to stick with each other as one.

Sometimes I think,
Are we crazy?
Are we stupid?


















But then I realize this is love,
It is supposed to be crazy n stupid!