පෙම් කරන්නට නුසුදුස්සෙකි මා
එනමුදු නුඹ වටා මා ආලයෙන් වෙලුනෙමි
මා සමග දිවි ගෙවනට සිතු විට
මා රාක්ෂයකු සේ පෙනුනාද සොදුරිය
මගේ හදට මෙතරම් වේදනාවක්
මියෙන්නට වරම් දෙනු මැන ස්වාමිනි.
වරම් ලැබෙන තෙක්
මේ රාක්‍ෂයාට හැකිතාක් නුඹට පෙම් කරන්නට ඉටා ගතිමි.
සිටින්න මා හා හැකි තරම් කලක්
තබා යන්න හැකි තරම් සොදුරැ මතකයන්.
ස්වාමිනි මට දෙන්න තවත් එක් දිවියක් මැය සමග අදරෙන් දිවි ගෙවනට
මේ සියල්ලෙන් අෑත්ව
අප දෙදෙනාට පමණක් අයිති ඡිවිතයක්.
මා අත්හරින්නම් සදාකාලික ඡිවනය.
No comments:
Post a Comment