Saturday, July 29, 2017

කතාවක්



නුබ ත්‍රාසය සොයා නව ගමනක් ආරම්භ කළේය,
නුබේ ගමනට සාර්ථකව මුහුණ දීමට මාගේ සුභපැතුම්, 

මාද නව ත්‍රාසජනක ගමනකට පිය තබමි, 
කිමද නුබ සැමවිටම මාගෙන් කතාවක් කියන්න යැයි පවසන විට මට කිිමට තරම් රසකතා නොතිබුනි, 

එනමුදු නුබ නැවතත් කෙදිනක හෝ මා තුරැලට වි කතාවක් කියන්නකෝ M යැයි පවසන විට නුබ නිදි වදින තුරා කියන්නට රසකතා රැස් කරගන්නට සැරසෙමි.




මා නුබ අමතක කළා යැයි සිතුවාද සොදුරිය?

නුබේ නාමය මුවින් නොපැවසුවාට මා හද ගැසෙන වාරයක් පාසා නුබ මා තුළයි.

මා කිසිවෙකු සමගත් මාගේ හද අැති කිසිවක් බෙදා නොගන්නෙමි, 
මන්ද යත් මේ ලෝකයා මා උන්මත්තකයෙකු යැයි සිතනු අැත, 

ඹවුන් මා හද නොහදුනති, මාගේ ආදරය නොහදුනති.


නුබට මා දුන් පොරොන්දුව සදාකාලිකයි.

නුබේ හඩ අැසිමටත් නුබේ රැව දකින්නටත් මහත් ආශාවකින් සිටින්නෙමි.

දැනට නවතිමි.


No comments:

Post a Comment