මේ කාන්තාරයේ මා තනිව ගමනේ යෙදෙන්නෙමි,
මා හට අයිතිව ඇත්තේ මා ඇගලා ඇති වස්ත්‍රයත්,පාදයෙහි ඇති සෙරෙප්පු කුට්ටමත් පමණි.
ජීවනයේ රශ්මිය විදිමින් දිය කඩක් හෝ ඉදිරියේ හමු වේවි යන සිහින් බලපොරොත්තුව ඇතිව ගමන් කරන්නෙමි,
ඉදහිට මිරිගුවකට රැවටෙන්නෙමි,
බලාපොරොත්තු විරහිත වන්නෙමි,
රාත්‍රිය එළබේ,
මගේ පිවිතුරු සඳ මා අස්වසමින් මා ගතත් සිතත් කුල්මත් කරවයි,
මා ඇගේ ඇකයේ පහස ලබමින් ගමනේ විඩාව සන්සිදුවා ගනිමි,
මගේ නෙත් වලින් වටෙන කදුළු පිසදමමින් ඈ මා නැවතත් ගමනට සුදානම් කරයි .
යළි ගමනේ යෙදෙන්නෙමි.

No comments:
Post a Comment